IPL ක්‍රිකට් සම්මාන  

Posted by The Redox in

IPL හි අවසන් භාගයටත් අපි නොදැනුවත්වම ලන් වෙලා.අවසන් කන්ඩායම් හතර වෙලා තියෙන්නෙ MI,CSK,RCB හා DC.මහේල හා සංගගෙ ලකුනු අතරට පැමිනීම සතුටට කාරනයක් වුවද දිල්ශාන්ගෙ අසාර්ථක වීම දැඩිව සලකා බැලිය යුතුයි.

මේ අතරෙ හි සම්මාන ප්‍රධාන උත්සවයක් මේ සතියෙ පැවත්වීමට නියමිතයි.එහිදි හොදම පන්දු යවන්නා,හොදම පිතිකරුවා,හොදම පන්දු රකින්නා,හොදම පන්දු රැකීම,සුහදශීලීම ක්‍රීඩකයා,හොදම නායකයා,කලාත්මක ක්‍රීඩකයා හා හොදම විස්තර විචාරකයා තෙරීමට නියමිතයි.අපටත් අවස්තාව ලැබී තියනවා ඒ සදහා අපේ මනාපය ලබා දෙන්න මේ ලිපිනය ඔස්සෙ ගිහින්, http://www.iplt20.com/awards.php

මගෙ තේරීම මෙයයි,
පන්දු යවන්නා-R.Harris
හොදම පිතිකරුවා-SR Tendulkar
හොදම පන්දු රකින්නා-D Warner
හොදම පන්දු රැකීම-D Hussey
සුහදශීලීම ක්‍රීඩකයා-K.Sangakkara
හොදම නායකයා-A Gilchrist
කලාත්මක ක්‍රීඩකයා-Chris Gayle
හොදම විස්තර විචාරකයා-Ian Bishop

නමුත් මෙහි ඇත්තේ තෝරා ගත් කීප දෙනෙකුගෙ නම් පමනයි.උදාහරන ලෙස කලාත්මකම ක්‍රීඩකයන්ගෙ නම් ලැයිස්තුව තුල ලොකයේ නරකම පිතිකරන ඉරියව්වක් ඇති MS Dhoniගෙ නමත් යොජනා වී තිබෙනවා.අඩු තරමෙ මහේලවත් එයට අතුලත් වී නෑ.අපේ Sanga මේ ලයිස්තුවෙ හොදම නායකයා හා සුහදශීලීම ක්‍රීඩකයාට නිර්දේශ වී තිබෙනව.ඔබේ මනාපයත් එයට යොමු කරන්න.

This entry was posted on Monday, April 19, 2010 at Monday, April 19, 2010 and is filed under . You can follow any responses to this entry through the comments feed .

2 comments

හොදම නායකයට ගිල්ක්‍රිස්ට් සුදුසු වෙන්නෙ කොහොමද?
තරගාවලියෙ කඩුලු වැඩිම ක්‍රීඩකයා වුන වාස්ව ඔස්ට්‍රේ‍ලියානු ක්‍රීඩකයන් ආපු ගමන්ම කපල දැම්මෙ හොද නායකත්වය නිසා ‍නෙවෙයි.
අන්තිමේදි ඔවුන් අසාර්ථක වුන නිසා ගිල්ක්‍රිස්‍ට්ට වාස්ව ආපහු මතක් වෙලා.

April 19, 2010 at 9:26 PM

අවශ්‍ය තැනට අවශ්‍ය ක්‍රීඩකයො යෙදවීම නායකයාගෙ වගකීම,එය සාර්ථක වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.සාර්ථක වෙන විට පැසසීමත් නොවන විට විවෙචනයත් අපේ පුරුද්දක්.වාස් කොච්චර හොදට කඩුලු ගත්තත් අවසාන ඕවර පහේදි ඔහු සාර්ථක වුනෙ නෑ.එවිට ඒ වෙනුවට වෙන ක්‍රීඩකයෙක් යොදා ගැනීමෙ වගකීම ඔහු ගත්තා.ඒක වැරදුනාම තමා ප්‍රශ්න ආවෙ,බැරිවෙලාවත් හැරිස් විකට් ගත්තනම් හොදටම,වාස්ව හැමොටම අමතක වෙන්න තිබුනා.
මොහුට අමතරව වෙන හොද නායකයෙක් මට පෙනෙන්නෙ නෑ,අඩු තරමෙ සෙමි ෆ්යිනල් ආපු කන්ඩායම් වලින්වත්.සචින්ට කන්ඩායමෙන් උපරිමය ගන්න බැරි උනා.ඔහු වේලාසනින් අවුට් වුනොත් MI ඉවරයි.

April 20, 2010 at 2:22 PM

Post a Comment