අපෙ කට්ටිය කොහොමින් කොහොමින් හරි සුපිරි අටට පැන ගත්ත නේ!හැබයි හැමදෙයක්ම උනේ අපිට එරෙහිව,අච්චර ලස්සනට NZ එක්ක දිනාගෙන ආපු මැච් එක හිතාගන්නත් බැරි විදිහටනෙ ලෙස්සිල ගියෙ.ඊට පස්සෙ Zim එක්ක තරගෙත් මහේල ගැන අරුනාම අනිත් අය ගැන තිබුනෙ පුදුම විශ්වාසයක් නෙ,අපාරදෙ කියන්න බෑ ඒ අය නන් ඒ විශ්වාසෙ බින්දෙ නෑ.කොහොමින් කොහොමින් හරි මහේලට පින්සිද්ද වෙන්නෙ අපි හොද ලකුනු ටිකක් ප්‍රතිවාදීන්ට දුන්නත් මේ කොහෙවත් නැත් වැස්සක් අවෙ නැතයි,අනිත් අයට කෙසේ වෙතත් මට නන් දෙය්යො සිහි උනා.කොහෙද ගෝඩ් වැස්ස වලාහකගෙ වෙස්ට් ඉන්ඩීස් ඒජෙන්ට්ගෙ කන්ටැක් එකක්වත් තිබ්බෙ නෑ නෙ ඒ වෙලාවෙ.කොහොමහරි යන්තන් ඒකෙනුත් ගොඩ ගියා අපෙ කට්ටිය.දැන් තම්යි නියම ක්‍රීඩාව පටන් ගත්තෙ.
අපි දැන් තේරිලා ඉන්න ටීම් 4 එක්ක බැලුවහම අපිටනන් සෙමි යන්න චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.India,Australia එක්ක තරගයක් දීල සෙමි වලට යන්න නන් මේ විදිහට සෙල්ලම් කරල කවදාවත් හරි යන්නෙ නෑ.ඉන්දියාවයි ඕස්ට්රලියවයි තමයි අමාරුම,West Indiesලත් තමන්ගෙ රටෙ ක්‍රීඩා කරන නිසා අවතක්සෙරු කරන්න බෑ.T20 කියන්නෙ හැබයි සත පහකට sure කරන්න බැරි සෙල්ලමක්,ඒක නිසා දැන්මම බලාපොරොත්තු අත්හැරගන්න හොද නෑ,ඒ වගෙම වැඩිය බලාපොරොත්තු තියා ගන්නත් එපා.
This entry was posted
on Thursday, May 6, 2010
at Thursday, May 06, 2010
and is filed under
Sri Lanka
. You can follow any responses to this entry through the
comments feed
.
2 comments
හ්ම්ම්..මාත් ඕක කියෙව්වා.නමුත් සංගක්කරයි දිල්ශානුයි අවුට් වුන විදිහෙන් නන් පෙනෙන්නෙ නෑ ඔවුන් ලකුනු මට්ටම ඉහල දාන්න ඕනා කමටම risk එකක් ගත්ත කියල.ඔවුන්ගෙ form එක අඩුයි.එයයි ඉහල දමා ගත යුතුයි.නැතුව නිදහසට කරුනු ඉදිරිපත් කිරීම නොවෙයි කලයුත්තෙ.ඔය කාරනය මට ඔයා කිව්වනන් පිලිගන්නත් තිබුනා,නමුත් සංග කියන ඒව...
අනිත් එක රිස්ක් එකක් ගත්ත පලියට අවුට් වෙන්න ඕනයි කියල කොහේවත් කියලා නෑ,අවශ්‍ය වෙලාවට වේගයෙන් ලකුනු රැස් කරන්න අපෙ අයට බැහ කියලද සංග ඔය නොකිය කියන්නෙ.එහෙම වේගෙන් ලකුනු ගත්තොත් අපෙ අය අවුට් වෙනව.මට පේන විදිහටනන් ඒක සැහෙන ලොකු වරදක්.
May 7, 2010 at 10:33 AM
Post a Comment
කට්ටිය සෙමි යයිද?
හැදුවෙ නන්..
අපිට කැමති..අපිත් කැමති..
එන්න සෙල්ලම් කරන්න...
Come ...we will talk about our life...our passion....
කැමති වර්ගයක්
- IPL (2)
- Sri Lanka (1)
- ජීවිත ඉනිමේ (1)