අපේ කට්ටිය සෙමි යයිද?  

Posted by The Redox in

අපෙ කට්ටිය කොහොමින් කොහොමින් හරි සුපිරි අටට පැන ගත්ත නේ!හැබයි හැමදෙයක්ම උනේ අපිට එරෙහිව,අච්චර ලස්සනට NZ එක්ක දිනාගෙන ආපු මැච් එක හිතාගන්නත් බැරි විදිහටනෙ ලෙස්සිල ගියෙ.ඊට පස්සෙ Zim එක්ක තරගෙත් මහේල ගැන අරුනාම අනිත් අය ගැන තිබුනෙ පුදුම විශ්වාසයක් නෙ,අපාරදෙ කියන්න බෑ ඒ අය නන් ඒ විශ්වාසෙ බින්දෙ නෑ.කොහොමින් කොහොමින් හරි මහේලට පින්සිද්ද වෙන්නෙ අපි හොද ලකුනු ටිකක් ප්‍රතිවාදීන්ට දුන්නත් මේ කොහෙවත් නැත් වැස්සක් අවෙ නැතයි,අනිත් අයට කෙසේ වෙතත් මට නන් දෙය්යො සිහි උනා.කොහෙද ගෝඩ් වැස්ස වලාහකගෙ වෙස්ට් ඉන්ඩීස් ඒජෙන්ට්ගෙ කන්ටැක් එකක්වත් තිබ්බෙ නෑ නෙ ඒ වෙලාවෙ.කොහොමහරි යන්තන් ඒකෙනුත් ගොඩ ගියා අපෙ කට්ටිය.දැන් තම්යි නියම ක්‍රීඩාව පටන් ගත්තෙ.

අපි දැන් තේරිලා ඉන්න ටීම් 4 එක්ක බැලුවහම අපිටනන් සෙමි යන්න චාන්ස් එකක් ලැබෙයි කියල හිතන්න අමාරුයි.India,Australia එක්ක තරගයක් දීල සෙමි වලට යන්න නන් මේ විදිහට සෙල්ලම් කරල කවදාවත් හරි යන්නෙ නෑ.ඉන්දියාවයි ඕස්ට්‍රලියවයි තමයි අමාරුම,West Indiesලත් තමන්ගෙ රටෙ ක්‍රීඩා කරන නිසා අවතක්සෙරු කරන්න බෑ.T20 කියන්නෙ හැබයි සත පහකට sure කරන්න බැරි සෙල්ලමක්,ඒක නිසා දැන්මම බලාපොරොත්තු අත්හැරගන්න හොද නෑ,ඒ වගෙම වැඩිය බලාපොරොත්තු තියා ගන්නත් එපා.